ප්‍රධාන පිටුව > හලාල් සහතික කිරීම

හලාල් සහතික කිරීම

නිතර අසනු ලබන ප්‍රශ්න (FAQ)

  1. හලාල් සහ හලාල් සහතිකකරණය අතර වෙන කුමක්ද?
     ‘හලාල්’ යන අරාබි වචනයේ තේරුම අවසර ලත්, අනුමත කළ හැකි හෝ නීත්‍යානුකූල වන අතර එය මුස්ලිම්වරයෙකුගේ සියලු ක්‍රියාකාරකම් සඳහා අදාළ වේ. ආහාර පාන කර්මාන්තයේ හලාල් සහතික කිරීම යනු නිෂ්පාදනයක් හලාල් මාර්ගෝපදේශයන්ට අනුකූල බව තහවුරු කිරීමේ ක්‍රමානුකූල ක්‍රියාවලියකි.
  2. හලාල් සහතිකය ලබා නොමැති ආහාර මුස්ලිම්වරුන්ට අනුවභව කරන්නට හැකිද?
    ඔව්, එය සංකල්පමය වශයෙන් හලාල් නම් ඔවුන්ට පරිභෝජනය කළ හැකිය. කෙසේ වෙතත්, හලාල් සහතික කළ නිෂ්පාදනයක් සෑම විටම මුස්ලිම් පාරිභෝගිකයෙකුට වැඩි පිළිගැනීමක් තිබෙන්නකි.
  3. හලාල් සංකල්ප යනු කුමක්ද හා යමක් හලාල් බවට පත්වීමේ සුදුසුකම කුමක්ද?
    පහත දැක්වෙන කාණ්ඩවලට අයත් නිෂ්පාදන හැර අනෙකුත් සියලුම නිෂ්පාදන පරිභෝජනය කිරීමට හලාල් වේ:
    • අක්‍රමවත් ලෙස ඝාතතනය කරන ලද හෝ මියගිය සතුන්
    • උපද්‍රවකාරී, විෂ සහිත හා හානිකර ද්‍රව්‍ය
    • රුධිරය හා රුධිර ය මගින් ලබා ගන්නා අතුරු නිෂ්පාදන
    • ඌරන් සහ ආශ්‍රිත සියලුම අතුරු නිෂ්පාදන
    • මාංශ භක්ෂක සතුන් සහ ගොදුරු දඩයම් කර බුදින පක්ෂීන්
    • මත්පැන්
    • උරගයින්, මීයන් සහ කෘමීන්
    • මිනිස් සිරුරේ කොටස්
  4. හලාල් සහතික ලත් ආහාර  මුස්ලිම් නොවන්නන් අනුභව කළ යුත්තේ ඇයි?
    මුස්ලිම් නොවන කෙනෙකුට ඒවාප්‍රතික්ෂේප කිරීමේ විකල්පය හා හිමිකම ඇත. කෙසේ වෙතත්, හලාල් සහතික කළ ආහාර පරිභෝජනය කරන පුද්ගලයෙකුට ඒවායෙහි ඉහත සඳහන් කළ Q3 හි සඳහන් කළ) හලාල් නොවන අමුද්‍රව්‍ය නොමැකි බවට සහතිකයක් ඇත.
  5. SLS ආයතනයට හලාල් සහතිකය නිකුත් කළ නොහැක්කේ ඇයි? මෙම කරුණු  SLS හෝ ISO පදනම් කරගත් සහතික මගින් ආවරණය වන්නේ නැතිද?
    SLS සහ ISO ප්‍රමිතීන් මත පදනම්ව හලාල් සහතික කිරීමේ සමහර අංග වෙනත් සහතික කිරීම් මගින් අධීක්ෂණය කරනු ලැබේ. එනමුත් දැනට SLS විසින් හලාල් සහතික කිරීම සඳහා ප්‍රමිතියක් සම්පාදනය කර නොමැත.
  6. හලාල් සහතික කිරීම යහපත් නිෂ්පාදන පිළිවෙත් (GMP), උපද්‍රව විශ්ලේෂණය සහ විවේචනාත්මක පාලන ලක්ෂ්‍ය (HACCP) සහ සනීපාරක්ෂාව හා සම්බන්ධ වෙනත් පාලන නීතිවලට සමාන හෝ වෙනස් වන්නේ කෙසේද?
    GMP යනු කර්මාන්තයෙන් කර්මාන්තයට වෙනස් වන යහපත් නිෂ්පාදන භාවිතයන්ගේ සංයුතියකි. HACCP යනු නිෂ්පාදන ක්‍රියාවලියක ජීව විද්‍යාත්මක, රසායනික හා භෞතික උපද්‍රවවලින් වැළැක්වීමේ ආහාර සුරක්‍ෂිතතාව සඳහා වන ක්‍රමානුකූලව ප්‍රවේශයකි. නමුත් හලාල් සහතික කිරීම ඉහත ප්‍රමිතීන්ට සමානකම් දක්ව වන අතරම නිසැකවම අද්විතීය වේ.
  7. ආයතනයෙන් හලාල් සහතිකය ලබාන මුස්ලිම් නොවන සමාගම්වල ප්‍රතිශතය කොපමණද?
     ආසන්න වශයෙන් 80% කි
  8. හලාල් වැනි ආගමික පදනම් කරගත් සහතිකයක් සඳහා මුස්ලිම් ප්‍රජාව මුදල් ගෙවිය යුතුද?
    කොහෙත්ම නැත මුස්ලිම් සමුහයා මේ දෙස බලන්නේ ආගමික කෝණයකින් වන අතර සියලුම HAC ගැණුම්කරුවන් හලාල් සහතික ලබා ගන්නේ එය ව්‍යාපාර කෝණයකින් නැණවත් පියවරක් හෙයිනි
  9. හලාල් විෂය ආන්දෝලනයට තුඩුව තිබෙන තත්වයක වුවද ආහාර පාන නිෂ්පාදන සමාගම් බොහෝමයක් එයින් තවමත් ඉවත් නොවී සිටින්නේ ඇයි?
    ආහාර නිෂ්පාදන සමාගම් හලාල් සහතිකය නොනවතා ලබා ගන්නේ  එය පැහැදිලිවම මූල්‍යමය වශයෙන් ලාභදායී බව සනාථ වී ඇති හෙයිනි.
  10. හලාල් සහතික කිරීම මුස්ලිම් නොවන ව්‍යාපාරවලට බලපා ඇත්තේ කෙසේද?
     මෙමගින් හලාල් පාරිභෝගිකයන් ආකර්ශනය කර ගන්නට ඔවුන්ටද හැකි වී ඇත
  11. *ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන හලාල් සහතික කර ඇති ආහාර හා පානවල ප්‍රතිශතය කුමක්ද?
    ආසන්න වශයෙන් 65 % ක් පමණ හලාල් සහතික සහිතමඅපනයනය කරනු ලැබේ
  12. හලාල් සහතිකය නොමැති වුව විට අදාල ලාංකික අපනයනවලට ඇති විය හැකි බලපෑම දරුණු විය හැකිද?
    ශ්‍රී ලාංකික සමාගම් හා මෙරට පදනම් කරගෙන අපනයනය සිදු කරන සමාගම් හලාල් නිෂ්පාදන සඳහා ඉල්ලුම් කරන සේවාදායකයින් වෙත අපනයනය කරන්නේ නම්, නිසැකවම බලපෑමක් ඇති වනු ඇත. මෙම පූර්ව අවශ්‍යතාවය මුස්ලිම් බහුතර රටවලට කරන අපනයනවලට පමණක් සීමා නොවේ. සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා වර්ධන උපාය මාර්ගයක් ලෙස හලාල් සහතිකය අනුවර්තනය කරන තායිලන්තය, ජපානය සහ කොරියාව වැනි රටවලටද මෙය අදාළ වේ.
  13. හලාල් සහතික කිරීමේ ක්‍රමයක් ඇති මුස්ලිම් නොවන රටවල් මොනවාද?
     තමන්ගේම හලාල් සහතික කිරීමේ ආයතන ඇති මුස්ලිම් නොවන බහුතර රටවල් 52 ක් සමඟ HAC කටයුතු කරයි. තායිලන්තය, ජපානය, කොරියාව, සිංගප්පූරුව, බ්‍රසීලය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ඒ අතර වන රටවල් කිහිපයකි.
  14. හලාල් සහතික කිරීම තීරුබදු නොවන බාධකයක් ලෙස සැලකිය හැකිද?
     තීරුබදු රහිත බාධකයක් යනු තීරුබදු පැනවීම හැර වෙනත් ආකෘති හරහා වෙළඳාම සීමා කිරීමේ මාධ්‍යයකි. සමාගමක් විසින් සපයනු ලබන වෙළඳපොළ මත පදනම්ව, හලාල් සහතික කිරීම තීරුබදු රහිත බාධකයක් ලෙස සැලකිය හැකිය.
  15. ඇතැම් දේශපාලනඥයන් හලාල් විෂය ජනකොටස් අතර අසමගිය උසිගැන්වීමේ අවියක් බවට යොදා ගන්නවාද?
    ඇත්තෙන්ම ඔව් ජනකොටස් අතර නොසන්සුනතාවයක් ඇති කිරීමට සහ ජාතිවාදි ආකල්ප උසි ගැන්වීමට ඇතැමුන් හලාල් විෂය උපයෝගී කරමින් තිබෙනවා
  16. හලාල් සහතිකය ලබා ගැනීම සඳහා වන ගාස්තු ව්‍යුහය කුමක්ද?
    ගාස්තු ව්‍යුහය පදනම් වී ඇත්තේ සාධාරණ ගාස්තු ගණනය කිරීමේ පද්ධතියක් තීරණය කිරීම සඳහා දායක වන දෘශ්‍යමාන සාධක කිහිපයක් මතය. මෙම විස්තර HAC වෙබ් අඩවියේ දැනට ප්‍රකාශයට පත් කර ඇති අතර මෙම ලිංකය මගින් එම පිටුවට ප්‍රවේශ විය හැකිය link Certification Fee
  17. මේ මුදල් යන්නේ කොතැනටද සහ එය වියදම් කරන්නේ කෙසේද?
    ආහාර විද්‍යා ඥයන්, තාක්‍ෂණ ශිල්පීන් සහ කර්මාන්ත ආශ්‍රිත අත්දැකීම් ඇති වෘත්තිකයන් ඇතුළත් පූර්ණ කාලීන කාර්ය මණ්ඩල සාමාජිකයන් 40 කට අධික සංඛ්‍යාවක් HAC ආයතනයේ සේවය කරයි. එමෙන්ම HAC යනු ISO 9001, ISO 27001 සමග අනුකූල වන ජාත්‍යන්තරව පිළිගත් සහතික කිරීමේ සංවිධානයකි. තවද  HAC  ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ ප්‍රතීතන මධ්‍යස්ථානයේ (GAC) අනුමැතියද  ලබාගෙන ඇත. උපයනු ලබන  සියලුම ආදායම් හලාල් සහතික කිරීමේ ක්‍රියාවලියට පහසුකම් සැපයීම සහ නඩත්තු කිරීමේ කටයුතු සඳහා වැය කෙරේ. ප්‍රතිපත්තියක් ලෙසආයතනය පිහිටුවන ලද 2014 ජනවාරි මාසයේ ආරම්භයේ සිට කිසිදු ආකාරයක පුණ්‍යාධාරක් ලබා ගෙන හෝ බෙදා හැර නැත. එය විගණනය කරන ලද මූල්‍ය කටයුතු තුළින් තවදුරටත් තහවුරු කර ඇත.
  18. HAC අධ්‍යක්ෂවරුන් සහ නිර්මාතෘ  සාමාජිකයින්ට කිසියම් ආකාරයකින් වේතනයක් ලැබෙනවාද?
    2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ සහතික කර ඇති සහ නිසි පරිදි සංස්ථාපිත  සංවිධානයක් ලෙස HAC ලියාපදිංචි වී ඇත. මෙය යටතේඅධ්‍යක්ෂවරුන්ට සහ එහි ආරම්භක සාමාජිකයින්ට පූර්ණ කාලීන සේවකයින් නොවන්නේ නම් ඔවුන්ට වැටුප් ගෙවීමට අවසර නැත.
  19. HACආයතනය සමග ජමියතුල් උලමා සංවිධානයේ සම්බන්ධය කෙබඳුද?
    HACආයතනය සමග ජමියතුල් උලමා සංවිධානයේ සම්බන්ධය ආහාර පාන හා බැඳි ආගමික තීන්දු ලබා ගැනීමට පමණක් සීමා වේ.
  20. ඇතැමුන් විසින් මතු කරන ලද හලාල් හා බැඳි ගැටළු විසඳීමට දේශපාලනඥයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නේ මන්ද?
    අවධානය යොමු කළ යුතු පාර්ශවකරුවන් හිතාමතාම ඇස් පියාගෙන සිටින බව HAC විශ්වාස කරයි. හලාල් විෂය අයුතු ලෙසින් යොදා ගනිමින් සිය ආත්මාර්ථකාමී දේශපාලන අභිමතාර්ථ මුදුන් පත් කර ගැනීමට ඇතැම් දේශපානඥයින් මාන බලමින් සිටීම ඇත්තෙන්ම කණගාටුදායකය.