ප්‍රධාන පිටුව > හලාල් සහතික කිරීම

හලාල් සහතික කිරීම

සහතික කරණ ගාස්තු

තම නිෂ්පාදන ක්‍රියාවලීන් හා සැපයුම් දාමයන්හි හලාල් ප්‍රමිතීන් ඇතුළත් කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන සේවාදායකයින්ට ඉහළම ගුණාත්මක සේවාවක් ලබා දීම සඳහා HAC ආයතනය, අවශ්‍යතාවයන් ට අනුව ආයතනික කළමනාකරණයේ අදාල ක්ෂේත්‍රයට අනුව විද්‍යාත්මක හා තාක්ෂණික විශේෂඥයින් සහ ඉහළ නිපුණතා සහිත වෘත්තිකයන් යොදවා ඇත. එම නිසා සේවාව ලබා දීම සඳහා සාධාරණ ගාස්තුවක් අය කිරීම අවශ්‍ය වන අතර, එයින් ලැබෙන සියලු අදායම් ආයතනය තුල නැවත ආයෝජනය කරන අතර එහි ඉතිරිය තෝරාගත් ජාතික සුබසාධන අරමුණු  සඳහා ලබා දෙනු ලැබේ.

HAC හි සහතික කිරීමේ ගාස්තුව පහත සඳහන් සාධක අනුව තීරණය කරනු ලැබේ:
  • මෙහෙයුම් අංශ: ආහාර පාන නිෂ්පාදනාගාර, කුකුල් මස් නිෂ්පාදනාගාර, ආහාර බෝජනාගාර, ආනයනික භාණ්ඩ තහවුරු කිරීම
  • නිෂ්පාදන කාණ්ඩය: බේකරි, කිරි ආහාර, රසකැවිලි ආදිය.
  • භාවිතා කරන අමුද්‍රව්‍යවල සංයුතිය: මස් වර්ග, රසකාරක වර්ග, නොයෙක් ආකලන ආදිය.
  • හලාල් සහතික කිරීම සඳහා වැයවන කාර්‍යභාරයේ සංකීර්ණත්වය
  • සහතික කිරීමේ විගණනය සඳහා අවශ්‍ය වන අවම කාලය
  • අවුරද්දක් තුල සිදුකල යුතු විගණන වාර ගණන
  • විගණන ස්ථාන ගණන: නිෂ්පාදන පරීශ්‍ර  සහ අලෙවිසැල්
  • මෙහෙයුම් පරිමාණය
  • සහතික කළ නිෂ්පාදන සඳහා වෙළඳපල ප්‍රවේශය: දේශීය සහ / හෝ අපනයන

හලාල් සහතිකයක් නිකුත් කරන ලෙස ආය්තනය වෙත ඉදිරිපත් කරන විධිමත් මූලික ලිඛිත ඉල්ලීම මත, ඉහත සඳහන් කරුණු සැලකිල්ලට ගනිමින්, හලාල් සහතිකයට අදාල මිල ගණන් සෙවාදායකයා වෙත ලබා දෙනු ලැබේ .

HAC සහතික-කරණ ගාස්තු ව්‍යුහය