ප්‍රධාන පිටුව > හලාල් යනු කුමක්ද?

හලාල් යනු කුමක්ද?

හලාල් ආහාර මාර්ගෝපදේශ

හලාල් පිළිබඳ පොදුවේ පවතින වැරදි විශ්වාස සඳහා පහත පැහැදිලි කිරීම් ලබා දී ඇත

  • හලාල් යනු මුස්ලිම්වරුන්ට පමණි
     ‘හලාල්’ යැයි සලකන සියලුම දේ, විශේෂයෙන් ආහාර පාන පරිභෝජනය කළ හැක්කේ මුස්ලිම්වරුන්ට පමණක් යැයි  මතයක් ඇත. මෙය සම්පූර්ණයෙන්ම වැරදි මතයකි. හලාල් යනු මුස්ලිම්වරුන්ට පරිභෝජනය කිරීමට අවසර ඇති දේ වුවද ඒවා මුස්ලිම් පරිභෝජනය සඳහා පමණක් වෙන් කර ඇති විශේෂ නිෂ්පාදන නොවේ. බොහෝ රටවල මුස්ලිම් හා මුස්ලිම් නොවන ප්‍රජාවන් හලාල් පරිභෝජනය සම්බන්ධයෙන් පූර්ණ වැටහීමකින් යුතුව කටයුතු කරති.
  • හලාල් යනු දෙවියන්ට කැප කරන ලද / පුජා කරන ලද දේය
    සමහර ආගම් තමන් දෙවිවරු යැයි විශ්වාස කරන ප්‍රභවයන්ට ඇතැම් සතුන් බිලි දීම හා ආහාර ද්‍රව්‍ය පූජා කිරීම සිරිතක් වුවත් ඉස්ලාමයේ එවැනි ඉගැන්වීම් කොහෙත්ම නැත. පිළියෙළ කරන ලද සියලුම ආහාර මිනිස් පරිභෝජනය සඳහා වන අතර කිසිම ආකාරයකින් පූජාසනයක දෙවියන් වහන්සේට ආහාර පූජා කිරීමේ නිර්දේශයක් ඉස්ලාමයේ නොමැත. හලාල් යන්නෙන් අදහස් කරන්නේ මුස්ලිම්වරුන්ට (සහ හලාල් ආහාර පරභෝජනයට කැමති අය සඳහා) අනුමතකළ දේය.
  • හලාල් අහාර වඳ බව ඇති කරයි
    හලාල් බව සහතික කිරීමට සිදු කරන ලද තියුණු නිරීක්‍ෂණ අභිබවා මිනිසුන්ට අහිතකර ආහාර පාන වෙළඳපළට යාම කිසිසේත් සිදු විය නොහැක. ලොව වැඩිම ප්‍රතිශතයකින් ජනගහනය වර්ධනය වන ජන කොටස වන්නේ හලාල් ආහාරවලට වැඩි වැදගත්කමක් දෙන මුස්ලිම් ප්‍රජාවයි. තවද හලාල් ආහාර නිසා වඳ බව ඇති වන බවට හෝ වෙනත් හානියක් ඇති වන බවට කිසිදු සාක්‍ෂියක් නොමැත එය වෙනුවට හලාල් ආහාර මිනිස් පරිභෝජනයට ඉතා සදුසු යැයි ප්රයව්ෂණ මගින් තහවුරු වී පැසසුම් ලබාමින් සිටින තත්වයකි ලොව පවතිනුයේ.
  • හලාල් ආහාර හුනියම් සඳහා යොදා ගනු ලැබේ
    හදි හුනියම් වැනි ක්‍රියා සියල්ල පිළිකුල් සහගත හා දරුණු පාපකර්ම යැයි  හෙළා දකින ඉස්ලාමය ඒවා සම්පුර්ණයෙන්ම තහනම් කරයි.  ඒ අනුව පිරිසිදු ආහාර පාන වන හලාල් හා හුනියමට සම්බන්ධයක් ඇත යැයි කියන තර්කය පදනම් රහිතය
  • ජනසමාජයේ බෙදීමක් ඇති කිරීමට හලාල් තුඩු දෙයි
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර ඇති ආගමික නිදහස අනුව එක් ආගමික කොටසක ආහාර පාන චර්යා සඳහා පහසුකම් සැලසීම මිස හලාලයේ අරමුණ ජනකොටස් වෙන්කිරීම නොවේ. තවද තමන්ට කැමති ආහාර වර්ගය තෝරා ගැනීමේ නිදහස මෙය තහවුරු කරයි
  • හලාල් සහතික ක්‍රමයේ නීති නිර්දේශ ආහාර පාන නිෂ්පාදන කරන සමාගම්වල වට්ටෝරු රහස් නිරාවරණය කරයි
    අප ආයතනය නිසි පරිදි ලියාපදිංචි කළ හා සුප්‍රකට වෘතිකයන්ගෙන් හා විශේෂඥයන්ගෙන් සමන්විත එමෙන්ම දිගූ ගමනක් ඉලක්ක කර ඇති ආයතනයකි. එනිසා හලාල් සහතික ලබා ගන්නා සමාගම්වල වට්ටෝරු හෝ නිෂ්පාදන ක්‍රමවේදවල රහස් හෙළි නොකිරීමට අප ආයතනය ප්‍රතිපත්තිමය වශයෙන් බැඳී සිටියි.