ප්‍රධාන පිටුව > හලාල් යනු කුමක්ද?

හලාල් යනු කුමක්ද?

හලාල් ආහාර මාර්ගෝපදේශ

හලාල් ආහාර පරිහරණය  කිරීම හා සැකසීම සඳහා වන පොදු මාර්ගෝපදේශ

1. හලාල් ආහාර - නිර්වචනය

ඉස්ලාමීය නීතියෙන් අවසර දී ඇති ආහාර සහ පාන වර්ග සහ ඒවායේ අමුද්‍රව්‍ය පහත සඳහන් දෑ වලින් තොර විය යුතුය:

  1. පරිභෝජනය සඳහා තහනම් සතුන්
    1. ඉස්ලාමීය නිර්දේශයට අනුව ඝාතනය නොකරන ලද හලාල් සතුන්
    2. දරුණු “නජිස්” එනම් අපවිත්‍ර (වැඩි විස්තර සඳහා පහත අංක 2හි සටහන බලන්න) සතුන් (එනම් ඌරන් සහ බල්ලන්) සහ  උන්ගෙන් පැවත එන්නන් සහ එම සතුන්ගෙන් ලබා ගන්නා දේ
    3. සතුන් මැරීමට හා ගොදුරු කිරීමට භාවිතා කරන දිගු දත් හෝ දළ සහිත සතුන් (කොටින්, වලසුන්, බළලුන්, වඳුරන්, අලි ආදිය)
    4. අන් සතුන්ගොදුරු කර ගන්නා පක්ෂීන් (රාජාලීන්, උකුස්සන් බකමූණන් ආදින්)
    5. පළිබෝධ / විෂ සහිත සත්වයන් (මීයන්, පත්තෑයන් කබරයන්, සර්පයන්, හූනන්, වවුලන්, ගෝනුස්සන්, කැරපොත්තන්, බඹරුන් සහ සියලු වර්ගවල කෘමීන් සහ සමාන සතුන්)
    6. ඉස්ලාමය  විසින් මැරීම තහනම් කර ඇති සතුන්. (උදා; කුහුඹුවන්, මී මැස්සන්, කොට්ටෝරුවන් වැනි)
    7. පිළිකුල් සහගත යැයි සැලකෙන ජීවීන්. (උදා; උකුණන්, මැස්සන්, පණුවන් වැනි)
    8. ආහාරයට ගැනීම තහනම් කර ඇති ගෘහාශ්‍රිත බූරුවන් සහ කොටළුවන් වැනි සතුන් (හලාල් සහ හලාල් නොවන සත්වයන්ගෙන් දෙමුහුන් පැටවුන්)
    9. හිතාමතාම හා අඛණ්ඩව  අපවිත්‍ර ආහාර හෝ අසුචි කෑමෙන් පෝෂණය කරන ගොවිපල සතුන්
  2. ඉස්ලාමීය නිතියෙන් නිර්වචනය කරන අපවිත්‍ර (නජීස්) ලෙස සලකනු ලැබේ
    1. දරුණු නජිස් - (එනම් ඌරන් සහ බල්ලන් සහ  උන්ගෙන් පැවත එන පැටවුන් සහ එම සතුන්ගෙන් ලබා ගන්නා දේ)
    2. මධ්‍යස්ථ නජීස්  – මෙය පහත සඳහන් වන දරුණු හා සැහැල්ලු නජීස් යන කාණ්ඩ දෙකට අයත් නොවන ද්‍රව්‍ය වේ
    3. සැහැල්ලු නජීස් කාණ්ඩයේ ඇති එකම සැහැල්ලු නජිස් (අපවිත්‍ර දේ) වර්ගය මව්කිරි හැර වෙනත් ආහාර අනුභව කර නොමැති වයස අවුරුදු 2 හෝ එයට අඩු පිරිමි බිළිදෙකුගේ මුත්‍රා
      • රුධිරය, සැරව, වසා ගැටිති, වමනය, මුත්රා හා මිනිසුන්ගේ හෝ සතුන්ගේ කළබන්ධය හා අසුචි
      • දැඩි නජිස්වල දක්වා ඇති සතුන් හැර මියගිය සතුන්
      • ඉස්ලාමීය නීතියට අනුව ඝාතනය නොකළ හලාල් සතුන්
      • ආහාරයට අනුමැතිය නොමැති සතුන්ගේ කිරි
      • හලාල් ආහාර අපවිත්‍ර වූ හෝ හලාල් නොවන දේ සමඟ සෘ ජුව සම්බන්ධ වීම
      • හම්ර් (මද්‍යසාරය) සහ මද්‍යසාරය  මිශ්‍ර කර ඇති ආහාර සහ පාන වර්ග
  3. මත් ද්‍රව්‍ය
    • a. මද්‍යසාරය සහ මත්පැන්
    • b. ගංජා කොකේන් වැනි මත ඇති කරන ද්‍රව්‍ය
  4. මිනිස් සිරුරේ කොටස් සහ ඒවායින් සැදු දේ
  5. විෂ සහිත හෝ සෞඛ්‍යයට අහිතකර දේ
    1. රසායනික උවදුරු
    2. භෞතික උවදුරු
    3. භෞතික උවදුරු

      සහ පහත ලක්‍ෂණ ඇති දේ
  1. නජීස් තැවරී ඇති භාජන උපකරණ භාවිතයෙන්  පිසින හෝ සකසන හෝ නිෂ්පදානය නොරකන ලද
  2. සැකසීම, පැසිරුම, පරිහරණය, ඇසිරීම, ගබඩා කිරීම හෝ ප්‍රවාහන සමයන්හි 1  සිට 5 දක්වා ඉහත ලැයිස්තුගත කර ඇති සටහන සමග ස්පර්ශ වුනු හෝ එයට සමීපව තිබිනු ආහාර පාන


2. හලාල් ආහාර මුලාශ්‍ර

  1. සතුන්
    1. පොළොවේ වාසය කරන සතුන් – ඉහත ලැයිස්තුවේ ඇති සතුන් හැර අන් සතුන් හලාල් වේ (1.1 පරිභෝජනයට තහනම් සතුන්)
    2. ජලජ ජීවීන් – විෂ සහිත, මත ඇති කළ හැකි හෝ සෞඛ්‍යයට අහිතකර සතුන් හැර අන් සියලු ජලජ ජීවින් හලාල් වේ
  2. වෘක්ෂ
    විෂ සහිත, මත ඇති කළ හැකි හෝ සෞඛ්‍යයට අහිතකර පැළෑටි හැර අන් සියලු පැළෑටි වර්ග හලාල් වේ
  3. ක්ෂුද්‍ර ජීවීන්
    විෂ සහිත, සෞඛ්‍යයට අහිතකර ඒවා හැර අනෙකුත් සියලුම ක්ෂුද්‍ර ජීවීන් (එනම් බැක්ටීරියා සහ දිලීර) සහ ඒවායේ අතුරු නිෂ්පාදන සහ / හෝ එමගින් ලබා ගන්නා දේ හලාල් වේ.
  4. රසායන සහ ඛණිජ
    විෂ සහිත හෝ සෞඛ්‍යයට අහිතකර ඒවා හැර අනෙකුත් සියලුම රසායන සහ ඛණිජ හලාල් වේ
  5. ජලය සහ බීම වර්ග 
    විෂ සහිත, මත ඇති කරන හා සෞඛ්‍යයට අහිතකර හෝ නජිස් අඩංගු වන පැන් හැර අනෙකුත් සියලුම ජලය හා බීම හලාල් වේ.
  6. ජානමය වෙනසක් ඇති කරන ලද ආහාර පාන (GMOs)
    ඉස්ලාමීයය නීතිය අනුව හලාල් නොවන සතුන්ගේ ජානමය ද්‍රව්‍ය මගින් හෝ එම මුලද්‍රව්‍ය හෝ එහි අතුරු නිෂ්පාදනය යොදා සාදන ලද ආහාර හා පාන හලාල් නොවේ.

3. හලාල් ආහාර පාන පරිහරණය හා පැසිරුම් කිරීම හා බැඳි රීතීන්

3.1 පරීශ්‍රය හා පහසුකම්

හලාල් ආහාර පාන පරිහරණය කරන හා පැසිරුම් කරන ස්ථාන හා පරීශ්‍ර සියල්ල පහත කොන්දේසි අනුව විය යුතුය

  1. එම පරීශ්‍රය හලාල් නොවන හා නජීස් හා බැඳි ආහාර පාන නිෂ්පාදනයට යොදා ගන්නා සථාන නොවිය යුතුය
  2. අදාල සමාගම හලාල් නොවන හා නජීස් සම්බන්ධ වන ආහාර පාන නිෂ්පාදනයේද යෙදෙන්නක් නම් හලාල් ආහාර පාන නිෂ්පාදනය සඳහා වන ස්ථාන හා පරීශ්‍ර ඒවායින් වෙන්ව හා ඈත්ව තිබිය යුතුය
3.2 උපකරණ මෙවලම් යන්ත්‍ර භාජන සහ සැකසුම් ආධාරක
  1. හලාල් ආහාර පාන නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණ, මෙවලම්, යන්ත්‍ර, භාජන සහ සැකසුම් ආධාරක හලාල් නොවන හා නජීස් මුලද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කළ ඒවා නොවිය යුතුය
  2. මීට පෙර හලාල් නොවන නිෂ්පාදන සඳහා භාවිතා කරන ලද උපකරණ, මෙවලම්, යන්ත්‍ර සහ සැකසුම් ආධාරක ප්‍රබල නජීස් මගින් අපවිත්‍ර වී තිබේ නම් ඒවා HAC නිලධාරීන්ගේ උපදෙස් අනුව  හා අධීක්ෂණය යටතේ හොඳින් සෝදා පිරිසිදු කළ යුතුය.
  3. එසේ සෝදා පිරිසිදු කර ගත්පසු එම උපකරණ හා මෙවලම් ආදිය යොදා ගත යුත්තේ හලාල් නිෂ්පාදන ක්‍රියාවලියට පමණි. නැවත වරක් ඒවා හලාල් නොවන නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගෙන නැවත නැවතත් සෝදා හලාල් කටයුතු වෙනුවෙන් භාවිත කිරීමට අවසර දෙනු නොලැබේ 
3.3 නිෂ්පාදනය, සැකසුම් හා පරිහරණය

සැකසූ සියලුම හලාල් ආහාර අමුද්‍රව්‍ය ලැබීමේදී, සකස් කිරීමේදී, හැසිරවීමේදී, ඇසුරුම් කිරීමේදී සහ ගබඩා කිරීමේදී පහත කොන්දේසි අනුගමනය කළ යුතුය.

  1. හලාල් ආහාර පිළියෙල කිරීම සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය, ආකලන, සැකසුම් ආධාරක හලාල් ප්‍රභවයන්ගෙන් පමණක් විය යුතුය  අතර හලාල් නොවන ප්‍රභවයන්ගෙන් කිසිදු අමුද්‍රව්‍යයක්, ආකලන සහ / හෝ එමගින් ලබා ගන්නා ද්‍රව්‍ය අඩංගු නොවිය යුතුය.
  2. හලාල් ආහාර සැකසුම් කිරීම යොදා ගන්නා අමු ද්‍රව්‍ය ආකලන හෝ එමගින් ලබා ගන්නා ද්‍රව්‍ය කිසිසේත්ම නජීස් තත්වයට පත් විය හැකි ආකාරයෙන් නොවිය යුතුය
  3. සැකසුම් කරන ලද ආහාර පාන හා ඒවායෙහි මුලද්‍රව්‍ය පරිභෝජනයට ආරක්‍ෂාසහිත හා විෂ රහිත හා මත ඇති නොකරන එමෙන්ම සෞඛ්‍ය්‍යට අහිතකර නොවිය යුතුය
  4. නජිස්වලින් දුෂිත නොවු උපකරණ සහ පහසුකම් භාවිතා කරමින් ආහාර පිළියෙළ කිරීම, සැකසීම හෝ නිෂ්පාදනය කිරීම සිදු කළ යුතුය
3.4 ඇසිරීම හා ලේබල් ඇලවීම

හලාල් ආහාර සුදුසු පරිදි ඇසුරුම් කළ යුතුය. ඇසුරුම් ද්‍රව්‍ය ස්වභාවයෙන් හලාල්  විය යුතු අතර පහත සඳහන් කොන්දේසි අනුව විය යුතුය.

  1. ඇසුරුම් ද්‍රව්‍ය ඉස්ලාමීය නීතියෙන් නජිස් ලෙස නියම කර ඇති අමුද්‍රව්‍ය වලින් සෑදු ඒවා නොවිය යුතුය.
  2. ඉස්ලාමීය නීතියෙන් නජිස් යැයි නිර්වචනය කර ඇති  දූෂිත වූ උපකරණ භාවිතයෙන් ඇසුරුම් ද්‍රව්‍ය සකස් කිරීම, සැකසීම හෝ නිෂ්පාදනය නොකළ යුතුය.
  3. ඇසුරුම් ද්‍රව්‍ය සැකසීම, ගබඩා කිරීම හෝ ප්‍රවාහනය කිරීමේදී, a) හෝ b) සටහන් වල දක්වා ඇති අවශ්‍යතා සපුරාලන්නේ නැති වෙනත් ඇසුරුම් ද්‍රව්‍ය වලින් ඒවා ඈත් කර තැබිය යුතුය තැබිය යුතුය.
  4. ඇසුරුම් ද්‍රව්‍ය ආහාරයට විෂ ජනක බලපෑමක් ඇති නොකළ යුතුය.
  5. ඇසුරුම් සැලැස්ම, ලකුණ, සංකේතය, ලාංඡනය, නම සහ පින්තූරය නොමඟ යවන හෝ ඉස්ලාමීය නීතියට පටහැනි නොවිය යුතුය.
3.5 ගබඩා කිරීම, ප්‍රවාහනය, ප්‍රදර්ශනය සහ පරිබෝජන සඳහා සැලැස්ම

සියලුම හලාල් ආහාර ගබඩා කිරීම, ප්‍රවාහනය, ප්‍රදර්ශනය සහ අනුබව සඳහා තැබීම පහත සඳහන් කොන්දේසි අනුව විය යුතුය.

  1. හලාල් ආහාර සම්පූර්ණයෙන්ම වෙන් කොට හලාල් නොවන ආහාර හෝ නජිස් දේවල් වලින් ඈත් වු  ස්ථානයක ගබඩා කළ යුතුය.
  2. හලාල් ආහාර ප්‍රවාහනය කළ යුත්තේ හලාල් නොවන ආහාර හෝ නජිස් භාණ්ඩ ප්‍රවාහනය සඳහා භාවිතා නොකරන වාහනවල ය.
  3. හලාල් ආහාර ප්‍රදර්ශනය කර සැපයිය යුත්තේ නජිස්වලින් දුෂිත නොවු හලාල් නොවන ආහාරවලින් බැහැර වූ උපකරණ සහ ස්ථානයන්හීය භාවිතා කරමින්.
3.5 සෞඛ්‍යාරක්‍ෂාව, සනීපාරක්‍ෂාව හා ආහාර සුරක්‍ෂිතභාවය

සෞඛ්‍යාරක්‍ෂාව, සනීපාරක්ෂාව සහ ආහාර සුරක්ෂිතභාවය යනාදිය හලාල් ආහාර පිළියෙල කිරීමේ කොන්දේසි වේ. පුද්ගලික සනීපාරක්ෂාව, ඇඳුම් පැළඳුම්, උපාංග, උපකරණ, යන්ත්‍ර සහ සැකසුම් ආධාරක සහ ආහාර සැකසීම, නිෂ්පාදනය කිරීම සහ ගබඩා කිරීම සඳහා වන පරිශ්‍ර ආදිය මෙයට ඇතුළත් වේ.

නිෂ්පාදකයන් පහත සඳහන් කරුණු ගැන සැලකිලිමත් විය යුතුය
  • සැකසීමට පෙර අමුද්‍රව්‍ය,  අඩංගුවන ද්‍රව්‍ය, ඇසුරුම් ද්‍රව්‍ය කළමනාකරණය කර පරීක්ෂා කළ යුතුය
  • අපද්‍රව්‍ය මනා ලෙස බැහැර කළ යුතුය
  • හානිකර රසායනික ද්‍රව්‍ය ආරක්ෂිතව හා සුදුසු පරිදි ගබඩා කළ යුතුය
  • භෞතික, ජීව විද්‍යාත්මක, රසායනික දූෂණ වලින් ආහාර රැකගත යුතුය
  • අවසර ලත් ආහාර ආකලන වුවද අධික ලෙස භාවිතා කිරීමෙන් වැළකිය යුතුය
  •