ප්‍රධාන පිටුව > හලාල් යනු කුමක්ද?

හලාල් යනු කුමක්ද?

හලාල් අපනයනය

ඉස්ලාමීය ගෝලීය ආර්ථිකයේ නියමුවන් - ආයොජනය හා අපනයනය තහවුරු කරන සාධක

වර්ධනය වන ජනගහනය

2014 වසරෙහි බිලියනස 1.7 ක් ව තිබුනු ගෝලීය මුස්ලිම් ජනගහනය 2030 වන විට බිලියන 2.2 ඉක්මවනු ඇත යැයි අපේක්‍ෂා කෙරේ මෙය වනාහී 29.4 % කට වඩා අධික වර්ධනයකි හා මුස්ලිම් නොවන්නන්ගේ ජනවර්ධන වේගය මෙන් දෙගුණයකි. ගෝලීය මුස්ලිම් ජනගහනයේ වාර්ෂික වර්ධන වේගය 1.5 % ක් වන අතර එය මුස්ලිම් නොවන්නන් විෂයෙහි 0.7 % කි.

වර්ධනය වෙමින් පවතින ආගමික නැඹුරුතාවය

ගෝලීය වශයෙන්, මුස්ලිම් පාරිභෝගිකයින් වැඩි වැඩියෙන් හලාල් නිෂ්පාදන හා සේවා ඉල්ලා සිටී. මුස්ලිම්වරුන් 38,000 ක් වන ප්‍රමානයන් අතර 2011 දී පවත්වන ලද “පිව් පර්යේෂණ මධ්‍යස්ථාන” සමීක්ෂණයකින් මුස්ලිම්වරුන්ගෙන් 76.3% ක් ආගම ‘ඉතා වැදගත්’ යැයි සලකන බව හෙළි විය. තවද මුස්ලිම් සංචාරකයින්ගෙන් 96% ක්ම 2016 COMCEC සමීක්ෂණයකට අනුව හලාල් ආහාර ඉතා වැදගත් යැයි සලකති.    

නීල්සන් සමීක්ෂණයට අනුව, මැද පෙරදිග හා උතුරු අප්‍රිකානු කලාපයේ පාරිභෝගිකයින්ගෙන් 48% ක්, ආසියා පැසිෆික් කලාපයේ 12% ක් සහ අනෙකුත් කලාපවල 1 සිට 4% දක්වා හලාල් ආහාර වැදගත් යැයි සලකති.

විවිධාකාර ආගමික විශ්වාස මත පදනම් වුනු පිළිපැදීම් මට්ටම් ලොව පවතින අතර මුස්ලිම් පාරිභෝගිකයින් වුවද ඔවුන්ගේ ආගමික මනාපයන් තුළ සමාන නොවේ. කෙසේ වෙතත්, ආගමික විශ්වාස මත පදනම් වුනු අවශ්‍යතා වඩා හොඳින් සපුරාලීම සඳහා ජීවන රටා නිෂ්පාදන සහ සේවාවන් සඳහා පුළුල් ඉල්ලුමක් පවතී.

වර්ධනය වෙමින් පවතින සදාචාරාත්මක පාරිභෝගික ආකල්පය

ඉස්ලාමීය ආර්ථික අංශ මුස්ලිම් නොවන පාරිභෝගිකයින්ගේ පුළුල් ආචාර ධර්ම අවශ්‍යතා සපුරාලයි. සදාචාරාත්මක සලකා බැලීම් වඩ වඩාත් වැදගත් වෙමින් පවතින අතර ඉහළ මිලක් සහිත, ආචාරධාර්මික නිෂ්පාදන සඳහා වැඩි මුදලක් ගෙවීමට පාරිභෝගිකයින්ගෙන් 66% ක් කැමැත්තෙන් සිටිති. මෙනිසා හලාල් කාබනික වෙළඳ නාමයන් බිහි වෙමින්, පුළුල් පරාසයක ආචාරධාර්මික පාරිභෝගිකයින්ට සේවාව සපයයි.

බහුජාතික සමාගම් ඉස්ලාමීය ආර්ථිකයේ ගෝලීය ආකර්ශනය ඉදිරියට ගෙන යයි

නෙස්ලේ, කාගිල්ස්, බීආර්එෆ් සහ ඇබට් වැනි ප්‍රකට සමාගම්වල සහිතව ගෝලීය හලාල් ආහාර කර්මාන්තයේ බහුජාතික සමාගම්වල වැඩි සහභාගීත්වය, සියලු ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා වර්ධනය වේගවත් කිරීම සඳහා දායක වන ඉස්ලාමීය ආර්ථිකයේ වැදගත් භූමිකාව ඉගි කරයි.

OIC නොවන රටවලින්  ආහාර ආනයන ආධීනත්වය

ඉස්ලාමීය රටවල සංවිධානය හෙවත් OIC රටවල් සිය ආහාර අවශ්‍යතා සඳහා ආපනය මත රදා පවති

2018 වසරෙහි OIC රටවල් ඩොලර් බිලියන 117.2 ක වටින ආහාරපාන නිෂ්පාදන අපනයනය කළ නමුත් එම වසරෙහි එම රටවල් ආනයනය කළ ආහාර නිෂ්පාදනවල වටිනාකම ඩොලර් බිලියන 184.2 කි එනම් එම රටවල් අමතර ඩොලර් බිලියන 67 ක ආහාර පාන ආනයනය කර ඇත.

OIC සාමාජික රටවලින් සිදු කරන ලද ආහාර ආනයනය ඩොලර් බිලියන 34 ක් වූ අතර එය 2018 දී සමස්ත ආහාර ආනයනයෙන් 18% ක් පමණි. මෙය කලාපයේ OIC නොවන රටවල් මත OIC රටවල ආහාර  ආනයනයේ ආධීනත්වය ඉස්මතු කර පෙන්වයි.

නියාමන

OIC රජයන් OIC රටවලට ආනයනය කරන නිෂ්පාදනවල හලාල් විශ්වාසනීයබව වැඩි වැඩියෙන් සෝදිසි කර බලමින් සිටින අතර, මෙනිසා ඉන්දුනීසියාව, මැලේසියාව සහ සෞදි අරාබිය සහ තවත් බොහෝ මුස්ලිම් රටවල් ඇතුළු ඉහළ OIC පරිභෝජන වෙළඳපොලවල අමුද්‍රව්‍ය පිළිබඳ හලාල් සහතිකකරණයේ ඉල්ලුමද වැඩි වෙමින් පවතියි. සෞදි අරාබිය පදනම් කරගත් GCC ප්‍රතීතන මධ්‍යස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් කරගත් එමිරේට්ස් ජාත්‍යන්තර ප්‍රතීතන මධ්‍යස්ථානය (EIAC) විසින් මෙහෙයවනු ලබන ජාත්‍යන්තර සහතිකකරුවන්ගේ වැඩිවන ප්‍රතීතනයත් සමඟ සහතිකකරුවන්ට පනවනු ලබන නියාමන රීතීන් තීව්‍ර වෙමින් පවතියි.

Reference: State of the Global Islamic Economy Report 2019/20, Global Islamic Economy Key Drivers, Pg 11 & 12