ප්‍රධාන පිටුව > හලාල් යනු කුමක්ද?

හලාල් යනු කුමක්ද?

හලාල් ආහාරවල ලාභ ප්‍රයෝජන

අහාරපාන නිෂ්පාදකයන් ඇති වාසි
  • ගෝලීය හලාල් ආහාර හා පාන වෙළඳපොලේ කොටස් කරුවෙක් වීම. හලාල් වෙළඳපළ වාර්ෂිකව 6.3% ක වර්ධනයක් සහිත වන අතර 2024 වන විට මෙය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2 ක අලෙවියක් අත් කර ගනු ඇත යැයි අනුමාන කර ඇත 
  • ලෝකයේ වේගයෙන් වර්ධනය වන මුස්ලිම් ජනගහනයට ආහාර පාන සැපයීමේ අවස්ථාව හිමි වීම. මුස්ලිම් ජනගහනය 2030 වන විට බිලියන 2.2 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
  • ලෝකයේ වේගයෙන් වර්ධනය වන මුස්ලිම් ජනගහනයට ආහාර පාන සැපයීමේ අවස්ථාව හිමි වීම. මුස්ලිම් ජනගහනය 2030 වන විට බිලියන 2.2 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.   
  • ගෝලීය වෙළඳපල තුළ හලාල් ආහාර පාන අලෙවිය  මගින් ප්‍රතිලාභ අත් කර ගැනීම.
  • හලාල් සහතික කිරීම පාරිභෝගිකයින්ට නිෂ්පාදනයන්ගේ ප්‍රකාශ තහවුරු කිරීමට උපකාරී වන අතර එමඟින් ඉහළ පරිමාවකින් යුත් අලෙවිය සාක්‍ෂාත් වේ.
පාරිභෝගිකයන්ට ඇති වාසි:
  • තමන් මිල දී ගන්නා ආහාර පානවල සැකසීම සඳහා යොදා ගෙන ඇති සංකීර්ණ මුලද්‍රව්‍යවල මැරුණු සතුන්ගේ මාශ එවන් සතුන්ගෙන් ලබා ගත් දේ, විෂජනක සහ හානිකර සංඝඨක, මාංශ භක්ෂික සතුන්ගේ කොටස්, රුධිරය, කෘමීන්, මීයන් වැනි කාන්නකයන්, ඌරු මාංශ හෝ එහි කොටස් හෝ මද්‍යසාරය අඩංගු නොවන බව නිපුණයන් විසින් ලබා දෙන සහතිකය
  • ගොවිපළේ සිට කෑම මේසය දක්වා’ යන සංකල්පය අනුව අප ආහාරයට ගන්නා දේවල අඩංගු ද්‍රව්‍ය තාක්‍ෂණික නිපුණයන් විසින් දැඩි නිරීක්‍ෂයණට ලක් කරනු ලැබේ. මේවායෙහි හලාල් තත්වය නිශ්චය කරනු පිණිස නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ආකලන, සැකසුම් සහායක ද්‍රව්‍ය, තෙල් වර්ග, ඇසිරුම, රසායන ආදිය තියුණු නිරීෂණයට ලක් කරනු ලැබේ.