ප්‍රධාන පිටුව > හලාල් සහතික කිරීම

හලාල් සහතික කිරීම

සහතික කරණ ක්‍රමවේදය සහ අවශ්‍යතා

ආහාර පැසුරුම්කරන ක්‍ෂේත්‍රයේ විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා අප ආයතනය පහත සඳහන් හලාල් සහතිකකරණ සැලසුම් ලබා දෙයි

1. HAC පොදු සැලැස්ම  –  GCC සාමාජික රටවල් හැර අන් සියලු රටවලට අදාල වෙයි

HAC පොදු සැලැස්ම යටතේ පහත වර්ගීකරණය කරන ලද අංශයන් සඳහා හලාල් සහතිකයක්‍ නිකුත් කරනු ලැබේ

අංශයසහතිකකරණ සීමාවන්
ආහාර පාන නිෂ්පාදනාගාර අංශය (PS)

මෙම අංශයට ශ්‍රීලංකාවේ හෝ වෙනත් රටවල සම්පුර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් නිෂ්පාදනය කරනු ලබන, පැසිරුම් කරනු ලබන, අසුරනු ලබන ආහාර පාන අදාල වේ. තවද මෙම අංශයට, ආහාර පාන නිෂ්පාදකයින්ට අමතරව, කොන්ත්‍රාත් නිෂ්පාදකයින් සහ නැවත ඇසිරුම් කරන්නන් ඇතුලත් වේ.

කුකුල් මස් නිෂ්පාදනාගාර අංශය (PAS)
මෙම අංශයට මස් පිණිස කුකුලන් ඝාතනය කිරීම, පැසිරුම් කිරීම, ඇසිරීම සහ බෙදාහැරීම සිදු කරන ස්ථාන ඇතුලත් වේ.
HAC-TNC-05-HAC Halal Certification Terms Conditions - PAS Ver 2.0 @ 2017.10.10.pdf
ආහාර බෝජනාගාර අංශය (FPS)
මෙම අංශයට ආහාර පාන අලෙවිය සිදු කරන හෝටල්, ආපනශාලා, ෆුඩ් කෝට්, මධ්‍යගත හා වාණිජ මුළුතැන්ගෙයි, කේක් සහ පේස්ට්‍රි අලෙවිසැල්, ක්‍ෂණික ආහාර අලෙවි සැල්, කේටරිං සේවා සපයන ආයතන ආදිය ඇතුලත් වේ.
HAC-TNC-06-HAC Halal Certification Terms Conditions - FPS Ver 2.0 @ 01.11.2017.pdf
ආනයනික භාණ්ඩ තහවුරු කිර්‍රිමේ අංශය (ES)

නිෂ්පාදනය සම්පූර්ණ වූ ආනයනික භාණ්ඩ අදාල වේ. එම භාණ්ඩ මුල් ස්වරූපයෙන්ම (එනම් ලංකාවේ කිසිදු නැවත ඇසිරීම් හෝ පැසිරුම් කිරීමේ ක්‍රියාවෙලියකට ලක් නොවන, අසුරා මුද්‍රා තබන ලද භාණ්ඩ) තිබිය යුතු අතර, මෙම කාණ්ඩයට ආහාර පාන වලට අමතරව, ආයුර්වේද, පුද්ගලික හා සෞඛ්‍ය සත්කාර නිෂ්පාදන අදාල වේ.

HAC ආයතනය විසින් පිලිගත් විදේශ හලාල් සහතික-කරණ ආයතනයක් විසින් නිකුත් කරන ලද හලාල් සහතික, මෙම අංශයේදී තහවුරු කරනු ලැබේ.HAC-TNC-07-HAC Halal Certification Terms Conditions - ES - Ver 1.0 @ 2017.12.21.pdf


අදාල අනෙකුත් ප්‍රමිති / නිර්ණායක    

  • හලාල් ආහාර පරිහරණය කිරීම හා සැකසීම සඳහා වන පොදු මාර්ගෝපදේශ (HAC/STD/03)
2. GSO සැලැස්ම  - GCC සාමාජික රටවල් ඇතුළුව සියලුම රටවලට අදාළ වේ

HAC ආයතනය මගින් හලාල් සහතිකය දැනට GSO සැලස්ම සඳහා ලබා දෙන්නේ, ආහාර නිෂ්පාදන අංශයට (PS) සහ කුකුල් මස් පැසිරුම් අංශයට (PAS) පමණි.

GSO ක්‍රමය යටතේ සහතික කිරීමට අදාල නිෂ්පාදන කාණ්ඩය සහ නිෂ්පාදන පරාසය පහත වගුවේ සඳහන් කර ඇත:

කාණ්ඩ කේතය
කාණ්ඩය
නිෂ්පාදන
Cපැසිරුම් කිරීම 1
(නරක් වන සුළු සත්ව ආහාර)

වැඩිදුර පැසිරුම් කරන ලද මාශ , කිරි, මාළු නිෂ්පාදන
Dපැසිරුම් කිරීම 2
(නරක් වන සුළු එළවළු නිෂ්පාදන)

කල් තබා ගත් පලතුරු, කල් තබා ගත් එළවළු, සෝස් වර්ග, පළතුරු යුෂ, පළතුරු කෝඩියල්, පළතුරු බීම, ශාක මත පදනම් වූ ආහාර සහ ඖෂධ නිෂ්පාදන
Eපැසිරුම් කිරීම 3
(කාමර උෂ්ණත්වයෙහි දිගු කාලයක් තබා ගත හැකි ආහාර)

නූඩ්ල්ස්, බේකරි නිෂ්පාදන, ශාක කොටස් නිස්සාරක, පානීය ජලය, ටින් කළ නිෂ්පාදන, සුළු කෑම, බිස්කට්, ටින් මාළු, එළවළු ගිතෙල්, පැස්ටා, පිටි, රසකැවිලි, තෙල්, කිරිපිටි, පුඩිං, පාන් කුඩු, චොකලට්, අයිස් කෝන්, නොයිඳුල් (වර්ජින්) පොල් තෙල්, එළවළු තෙල්, ෆැට් ස්ප්‍රෙඩ් (මේද තැවැරුම්), කුළුබඩු, කේක්, සහල් පිටි, තේ, සහල්


අදාල අනෙකුත් ප්‍රමිති / නිර්ණායක

  • GSO 2055-1 හලාල් නිෂ්පාදන -  කොටස 1: හලාල් ආහාර සඳහා පොදු නිර්ණායක
  • GS0 993 ඉස්ලාමීය නීතිරීතිවලට අනුව සත්ව ඝාතනය කිරීමේ නිර්ණායක
  • හලාල් ආහාර පරිහරණය කිරීම හා සැකසීම සඳහා වන පොදු මාර්ගෝපදේශ