ප්‍රධාන පිටුව > හලාල් සහතික කිරීම

හලාල් සහතික කිරීම

ප්‍රති සහතිකරණය සහ සහතිකය අළුත්කර ගැනීම

HAC පොදු සැලැස්ම
  • සහතිකයේ කල් ඉකුත් වීමේ දිනය ගැන සහතිකලාභියා සැලකිලිමත් විය යුතු අතර අලුත් කිරීමේ ප්‍රමාද වළක්වා ගැනීම සඳහා අවම වශයෙන් ඉකුත් වීමේ දිනට දවස්  45 කට පෙර හෝ අළුත් කිරීමේ ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කළ යුතුය.
  • හලාල් සහතිකය අළුත් කිරීමේ තීරණය පදනම් වන්නේ අවසානයට සහතික කළ වර්ෂය තුළ සිදු කරන ලද නිරීක්ෂණ විගණනය(න්) හි ප්‍රතිඵල මතය.
සැලැස්ම
  • සහතිකයේ කල් ඉකුත් වීමේ දිනය ගැන සහතිකලාභියා සැලකිලිමත් විය යුතු අතර අලුත් කිරීමේ ප්‍රමාද වළක්වා ගැනීම සඳහා  ඉකුත් වීමේ දිනට අවම වශයෙන් මාස හයකට පෙර හෝ අළුත් කිරීමේ ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කළ යුතුය.
  • HAC සහතික අලුත් කිරීම සඳහාවිගණනයක් කරනු ලබන අතර, එහි ප්‍රතිපල මත හලාල් සහතිකය අළුත් කිරීම පිළිබඳ තීරණය ගනු ලැබේ.

අළුත් කිරීමේ කාල සීමාව තුළ වර්තමාන අයදුම්පත් විස්තර සඳහා යෝජිත වෙනස්කම් තිබේ නම්, අළුත් කිරීමේ ඉල්ලීම / අයදුම්පත සමඟ ඉදිරිපත් කළ යුතුය.