ප්‍රධාන පිටුව > හලාල් සහතික කිරීම

හලාල් සහතික කිරීම

හලාල් කළමනාකරණ පද්ධතිය (HMS)

විගණන ක්‍රමවේදය

හලාල් කළමනාකරණ පද්ධතිය (HMS) යනු, HAC ආයතනය විසින් හඳුන්වා දී ඇති, හලාල් නිර්ණායක මත පදනම් වූ කලමණාකරන පද්ධතියකි. මෙය ISO සහ HACCP වැනි ප්‍රකට ජාත්‍යන්තර ප්‍රමිතීන් හා සමාන වේ.

හලාල් කළමනාකරණ පද්ධතියේ අංග

  1. හලාල් මුලධර්ම හා අරමුණු
     ඉහළ කළමනාකාරිත්වය විසින් ලිඛිත හලාල් මුලධර්ම මාලාවක් ස්ථාපිත කර එය සමාගමේ සියළුම පාර්ශවකරුවන්ට බෙදා දිය යුතුය.
  2. හලාල් කළමනාකරණ පද්ධතියේ සීමාවන් නිර්වචනය කිරීම
    නිෂ්පාදන හෝ නිෂ්පාදන කාණ්ඩ, පරිශ්‍ර (සැපයුම් දාමයට සම්බන්ධ සියලුම පරිශ්‍ර), ක්‍රියාවලි සහ ක්‍රියාකාරකම් ඇතුළත් වන හලාල් කළමනාකරණ පද්ධතියේ විෂය පථය සංවිධානය විසින් නිර්වචනය කර ලේඛනගත කළ යුතුය.
  3. හලාල් සහතික කණ්ඩායම
    ඉහළ කළමනාකාරිත්වය විසින් හලාල් කළමනාකරණ පද්ධතියට සම්බන්ධ බහුවිධ පසුබිම්විලින් යුත් සාමාජිකයින්ගෙන් සමන්විත හලාල් කළමනාකරණ කණ්ඩායම පත් කළ යුතුය. හලාල් කළමනාකරණ කණ්ඩායමේ යුතුකම් , වගකීම්  සහ අධිකාරිය  පැහැදිලිව අර්ථ දැක්විය යුතුය.
  4. අභ්‍යන්තර හා බාහිර ගැටළු, අවදානම් සහ අවස්ථා
    ආයතනය විසින් අභ්‍යන්තර හා බාහිර හලාල් සම්බන්ධ සියලු ගැටළු සහ ඒවා සම්බන්ධයෙන් පැන නගින ධනාත්මක අවස්ථාවන් හෝ අවදානම් හඳුනාගෙන ලේඛනගත කළ යුතුය.
  5. ලේඛනගත කිරීම සහ වාර්තා කළමනාකරණය
    ලේඛනගත කිරීම සහ වාර්තා කළමනාකරණය සඳහා ආයතනය විසින් ලේඛනගත ක්‍රියා පටිපාටියක් ස්ථාපිත කර පවත්වාගෙන යා යුතුය.
  6. නිපුණතාවය, පුහුණුව සහ දැනුවත්භාවය
    හලාල් කළමනාකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට සම්බන්ධ සියලුම පුද්ගලයින්, එම ක්‍රියාකාරීත්වයන් ට අදාල සුදුසු අධ්‍යාපනය, පුහුණුව සහ පළපුරුද්ද ලබා තිබිය යුතු අතර, හලාල් කළමනාකරණ පද්ධතියේ අවශ්‍යතා පිළිබඳව දැනුවත්ව සිටින වග ආයතනය විසින් තහවුරු කල යුතුය.
  7. පුර්ව අවශ්‍යතා වැඩසටහන්  (PRP’s)
    නිෂ්පාදන, නිෂ්පාදන සැකසුම් හා සේවා පරිසරය තුළ ජෛවීය, භෞතික හා රසායනික, හා හරාම් ද්‍රව්‍ය වලින් අපවිත්‍ර වීම; වැළැක්වීම, අඩු කිරීම හෝ තුරන් කිරීම සඳහා ලේඛනගත පුර්ව අවශ්‍යතා වැඩසටහන් මාලාවක් ආයතනය  විසින් ස්ථාපිත කර, ක්‍රියාත්මක කර , නඩත්තු කර යාවත්කාලීන කළ යුතුය.
  8. හලාල් පාලක ස්ථාන (HCP)
    සැපයුම් දාමයේ ක්‍රියාවලියේ හලාල් මුලධර්මයට තර්ජනයක් හෝ අවදනාමක් ඇති කළ හැකි ස්ථානයක් හෝ පියවරක් තිබෙන විට එම තර්ජනය හෝ අවදානම ඉවත් කිරීම සඳහා පියවර ගත හැකි අවස්ථා.
  9. අනුකූල නොවන තත්ව හැසිරවීම
    නිර්ණායකයන්ට අනුකූල නොවන අමුද්‍රව්‍යවලින් දැනටමත් නිෂ්පාදිත භාණ්ඩ හෝ නිෂ්පාදන හෝ ක්‍රියාවලි හැසිරවීමට, ආයතනය සතුව ලිඛිත ක්‍රියා පටිපාටියක් තිබිය යුතුය. 
  10. මුලාශ්‍ර සොයාගැනීම
    හලාල් කළමනාකරණ පද්ධතියට පාලනය කළ හැකි ලෙස සැපයුම්කරුවන්ගේ සිට අවසාන නිෂ්පාදන නිකුත් කිරීම දක්වා පැමිණෙන ද්‍රව්‍ය සඳහා මුලාශ්‍ර සොයාගත හැකි ක්‍රමයක් ආයතනය විසින් ස්ථාපිත කර ක්‍රියාත්මක කළ යුතුය.
  11. අභ්‍යන්තර විඝණනය
    හලාල් කළමනාකරණ පද්ධතියේ අභ්‍යන්තර විගණනය සඳහා සමාගමට ලිඛිත ක්‍රියා පටිපාටියක් තිබිය යුතුය. අභ්‍යන්තර විගණනය කාලසටහනක් අනුව සිදු කළ යුතුය. අවම වශයෙන් මාස හයකට වරක් හෝ අවශ්‍ය නම් එයට වඩා වාර ගණනක් සිදු කළ යුතුය. අභ්‍යන්තර විගණනයේ ප්‍රතිඵල සෑම මාස හයකට වරක් වාර්තාවක් ලෙස HAC වෙත ලබා දිය යුතුය.
  12. කළමනාකරණ සමාලෝචනය
    ඉහළ කළමනාකාරිත්වය වසරකට වරක් හෝ අවශ්‍ය නම් එයට වඩා වැඩි වාර ගණනක් හලාල් කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ ඵලදායීතාවය සමාලෝචනය කළ යුතුය. මෙම ඇගයීමේ ප්‍රතිඵල අදාල ක්‍රියාකාරකමට වගකිව යුතු පාර්ශවයන්ට ලබා දිය යුතුය.