ප්‍රධාන පිටුව > හලාල් සහතික කිරීම

හලාල් සහතික කිරීම

විගණන ක්‍රමවේදය සහ නිපුණතාවය

ISO 19011 (විගණන කළමනාකරණ පද්ධති සඳහා මාර්ගෝපදේශ) නිර්දේශවලට අනුකූලව ජාත්‍යන්තර චර්යා සහ මග පෙන්වීම් මත පදනම්ව HAC  සිය විගණන හා සහතික කිරීමේ කටයුතු සිදු කරයි.

  1. HAC විසින් සිදු කරනු ලබන විගණන වර්ග පහත පරිදි වේ:
    • සහතිකරකරණ විඝණන
    • නිරීක්‍ෂණ විඝණන
    • ප්‍රති සහතිකරකරණ විඝණන
    • විශේෂ විඝණන

    පශ්චාත් සහතික කිරීම හෝ නිරීක්ෂණ විගණනයන් බොහොමයක් සිදු කරනු ලබන්නේ දැනුම්දීමකින් තොරව පැමිණ සිදු කරනු ලබන නිවේදනය නොකළ විගණන පදනමක් මතය.

  2. විඝණන මුලධර්ම
     HAC විසින් අනුගමනය කරන ලද විගණන මූලධර්ම පහත පරිදි වේ.
    1. විශ්වාසනීයබව- වෘත්තීයත්වයේ පදනම
    2. සාධාරණ ඉදිරිපත් කිරීම  - සත්‍ය තොරතුරු නිවැරදිව වාර්තා කිරීමේ වගකීම
    3. නිසි වෘත්තීය හැසිරීම: විගණනයේදී උද්‍යෝගය සහ විනිශ්චය
    4. රහස්‍යභාව - තොරතුරුවල සුරක්ෂිතභාවය    
    5. ස්වාධීනත්වය: විගණනයේ අපක්ෂපාතීත්වය සහ විඝණන නිගමනවලට එලඹීමේ අරමුණු සඳහා වූ පදනම
    6. සාක්ෂි මත පදනම් වූ ක්‍රියාදාමය - ක්‍රමානුකූල විඝණන ක්‍රියාවලියක් මගින්  විශ්වාසනීය සහ ප්‍රතිඋත්පාදනය කළ හැකි නිගමන අත්කර ගත හැකි තාර්කික ක්‍රමවේදය  

      ඉහත මූලධර්ම වල සඳහන් පරිදි හා 4.  HAC විගණකවරුන්ගේ හැසිරීම් යටතේ විස්තර කර ඇති පරිදි, HAC විගණකවරුන්, තම විගණන කටයුතු වලදී හැසිරිය යුතුය.

  3. නිපුණතාවය (දැනුම හා කුසලතා)

    විගණන නිලධාරීන්ට සහ සහතික කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙනත් අයට, ඔවුන්ගෙන්  අපේක්ෂිත කාර්යයන් හා වගකීම් ඉටු කිරීමට අවශ්‍ය නිපුණතාව (දැනුම හා කුසලතා) තිබිය යුතුය. නිපුණතාවයන්ට පහත සඳහන් දෑ ඇතුළත් වේ:

    1. විගණන මූලධර්ම, ක්‍රියා පටිපාටි සහ ශිල්ප ක්‍රම: අදාල අවස්ථාවලට යෙදවීමෙන්, විගණකවරයා ස්ථාවර හා ක්‍රමානුකූලව තම විගණන කටයුතු සිදු කිරීමට මගපෑදීම. විගණකවරයෙකු පහත සඳහන් දෑ කිරීමට හැකිවිය යුතුය:
      • විගණන මූලධර්ම, ක්‍රියා පටිපාටි සහ ශිල්පීය ක්‍රම යෙදවීම,
      • කාර්යයන් ඵලදායී ලෙස සැලසුම් කිරීම හා සංවිධානය කිරීම,
      • එකඟ වූ කාලසටහන තුළ විගණනය පැවැත්වීම,
      • වැදගත් කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම සහ ප්‍රමුඛතාවය ලබා දීම,
      • ඵලදායී සම්මුඛ සාකච්ඡා, සවන්දීම්, නිරීක්ෂණ සහ ලේඛන සමාලෝචනය කිරීම තුළින් තොරතුරු රැස් කිරීම,
      • වාර්තා සහ දත්ත රැස් කීරීම සහ පවත්වා ගෙන යාම,
      • විගණනය සඳහා නියැදි ක්‍රම භාවිතා කිරීමේ සුදුසු බව හා ප්‍රතිවිපාක තේරුම් ගෙන තිබීම ,
      • ලබා ගත් තොරතුරු වල නිරවද්‍යතාවය තහවුරු  කිරීම,
      • විගණන සොයාගැනීම් සහ නිගමනවලට සහාය වීම සඳහා විගණන සාක්ෂිවල ප්‍රමාණවත් බව සහ යෝග්‍යතාවය තහවුරු කිරීම,
      • විගණන සොයා ගැනීම් සහ නිගමනවල විශ්වාසනීයත්වයට බලපාන සාධක තක්සේරු කිරීම,
      • විගණන කටයුතු වාර්තා කිරීම සඳහා කාර්‍යාලීය ලේඛන භාවිතා කිරීම,
      • විගණන වාර්තා සකස් කිරීම,
      • තොරතුරු වල රහස්‍යභාවය සහ ආරක්ෂාව පවත්වා ගැනීම සහ
      • වාචිකව හා ලිඛිතව ඵලදායි ලෙස සන්නිවේදනය කිරීම (පුද්ගලිකව හෝ පරිවර්තකයෙකු හරහා)
      • විගණනය හා සම්බන්ධ අවදානම් පිලිබඳව තේරුම් ගෙන තිබීම
    2. නිර්දේශිත හලාල් ප්‍රමිතීන්: විගණනයේ සීමාවන් සහ විෂය පථය වටහා ගැනීමට සහ විගණන නිර්ණායකයන් ක්‍රියාත්මක කිරීමට විගණකවරයාට හැකිවන පරිදි නිෂ්පාදන / සේවා සහතික කිරීම සහ/හෝ කලමනාකරණ පද්දති සහ අනෙකුත් දෑ,
    3. ආයතනික තත්වයන්: සංවිධානයේ මෙහෙයුම් සන්දර්භය අවබෝධ කර ගැනීමට තාක්ෂණික විගණකවරයාට හැකිවීම.
    4. ක්‍රියාවලියට අදාළ වන නීති, රෙගුලාසි වෙනත් නෛතික හා හලාල් අවශ්‍යතා.
    5. HAC හි සහතික කිරීමේ ක්‍රියාවලිය සහ ක්‍රියා පටිපාටි
  4. HAC විගණකවරුන්ගේ පෞද්ගලික හැසිරීම්

    විගණකවරුන් ඇතුළු සහතික කිරීමේ කටයුතුවල නියැලී සිටින පුද්ගලයින් සඳහා වැදගත් වන පෞද්ගලික හැසිරීම පහත විස්තර කර ඇත:

    1. සදාචාරාත්මක වීම - එනම්; සාධාරණ වීම, සත්‍යවාදී වීම, අවංක වීම සහ විචක්ෂණාත්ම වීම
    2. විවෘත මනසක් ඇති - එනම් විකල්ප අදහස් හෝ දෘෂ්ටි කෝණයන් සලකා බැලීමට කැමති වීම
    3. උපාය කෞශල්‍ය - එනම් මිනිසුන් සමඟ ගනුදෙනු කිරීමේදී උපායශීලී වීම
    4. සහයෝගීතාව - එනම් අන් අය සමඟ ඵලදායී ලෙස කටයුතු කිරීම
    5. නිරීක්ෂණශීලී වීම - එනම් වටපිටාව සහ එහි ක්‍රියාකාරකම් පිළිබඳව ක්‍රියාකාරීව දැනුවත් වීමෙන් කටයුතු කිරීම
    6. තීක්ෂ්ණ බුද්ධිය - එනම් සහජයෙන්ම දැනුවත්ව සහ තත්වයන් තේරුම් ගැනීමට හැකි වීම
    7. බහු නිපුණතාවය - විවිධ බාහිර අවස්ථාවලට අනුකූලව තම කටයුතු කරගෙන යාම
    8. ස්ථිරසාර - එනම් අරමුණු කරා ලඟාවීම සඳහා වූ අවධානය සහ අවශ්‍යතාවය
    9. තීරණාත්මක බව - එනම් තාර්කික හේතුසාධක මත හා නිවැරිදි විශ්ලේෂණයන් මත පදනම්ව කාලෝචිත නිගමනවලට එළඹීම
    10. ආත්ම විශ්වාසය - එනම් ස්වාධීනව තම කටයුතු කරගෙන යාම
    11. වෲතීමය ලෙස හැසිරීම - එනම් සේවා ස්ථානයේ අචාරශීලී බව, අවංක බව සහ වෲතීමය බව ප්‍රදර්ශනය කරමින් තම කටයුතු කරගෙන යාම
    12. දැඩි සදාචාරසම්පන්න බව - එනම්, සියලුම පාර්ශවයන් මෙම ක්‍රියාවන් හා සැමවිටම එකඟ නොවූ වත්, ගැටුම් ඇති කරන සුලු වූවත්, සියලුම අවස්ථාවලදී වගකීමෙන් හා සදාචාරාත්මකව ක්‍රියා කිරීමට කැමති වීම
    13. සංවිධානාත්මක බව - එනම් ඵලදායී කාල කළමනාකරණය, කාර්‍යයන්ට අදාලව ප්‍රමුඛතාවය ලබා දීම, කාර්‍යයන් සැලසුම් කිරීම සහ කාර්යක්ෂමතාව.