HAC ගැන

හලාල් ලාංචනය

HAC හලාල් ලාංඡනය හැඳින්වීම

හලාල් ලාංඡන වර්ග තුනක නීත්‍යානුකූල හිමිකරු HAC ආයතනයයි. ඒවා ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ලියාපදිංචි කර ඇත.

ලාංඡන වර්ග තුන පහත පරිදි වේ:


TYPE 1:

TYPE 2:


වර්ගය 1 සහ 2

HAC විසින් සහතික කරන ලද නිෂ්පාදන සඳහා වර්ගය 1 සහ / හෝ වර්ගය  2 පමණක් භාවිතා කිරීමට HAC අවසර දී ඇති අතර වලංගු HAC හලාල් අනුකූලතා සහතිකයක මෙය සුවිශේෂී ලෙසින් සඳහන් කර ඇත. එය නිකුත් කළ දින සිට HAC විසින් තීරණය කරන ලද නිශ්චිත කාල රාමුවකට වලංගු වේ. මෙය පසුව සමාන කාල පරිච්ඡේදයකට  HAC අභිමතය පරිදි අළුත් කළ හැකිය.

GCC රටවලට ඇතුළුව අපනයනය කරන සියලුම නිෂ්පාදන හලාල් තත්ත්වය නිරූපණය කිරීම සඳහා 2 වර්ගයේ ලාංඡනය භාවිතා කළ යුතුය.


HAC හලාල් සහතිකයේ ප්‍රතිලාභියා


HAC හි ලාංඡනය යනු අදාල නිෂ්පාදිතය HAC හි හලාල් අනුකූලතා සහතිකය මගින් සහතික කර ඇති පරිදි තහවුරු කරන ලද ප්‍රමිති සපුරාලන බවට ලාංඡනය දරණ නිෂ්පාදනයේ ගැනුම්කරුවන්ට සහ භාවිතා කරන්නන්ට සහතිකයක් සපයයි.  

ඉහත සඳහන් ලාංඡනවල නීත්‍යානුකූල හිමිකරු වන HAC ආයතනයේ වලංගු HAC හලාල් අනුකූලතා සහතිකයක් දරන්නෙකුට පමණක් එම ලාංඡන භාවිතා කිරීමට අවසර දෙනුයේ අදාළ නියමයන් සහ සහතික කිරීමේ කොන්දේසිවලට යටත්වය.


HAC හලාල් ලාංඡනයේ මෙහෙයන්
HAC හලාල් ලාංඡනයේ මෙහෙයන් හෙවත් ප්‍රයෝජන පහත පරිදි වේ

  1. HAC විසින් සහතික කරන ලද නිෂ්පාදිතය හෝ ආහාර පරිශ්‍රය හලාල් අනුකූල බව හඳුනා ගැනීම.
  2. නිෂ්පාදිතය වෙනත් නිෂ්පාදනවලින් වෙන්කර හඳුනා ගැනීමට නිෂ්පාදන හිමිකරුට හැකි වීම
  3. හලාල් දැනුවත් පාරිභෝගිකයින් වෙත ළඟාවීමට නිෂ්පාදන හිමිකරුට උපකාරී වීම.
  4. සිය තේරීම අසීරුතාවයකින් තොරව සිදු කර ගැනීමට පාරිභෝගිකයාට පහසුකම් සැලසීම.

හලාල් ලාංඡනය භාවිත කිරීම සඳහා වන රීතින් හා කොන්දේසි

  1. HAC හලාල් ලාංඡන හා සම්බන්ධ සියලු බුද්ධිමය දේපල අයිතිවාසිකම්වල එකම හිමිකරු HAC සංවිධානයයි. අදාල ලාංඡනවල හිමිකම තිබෙනුයේ HAC සන්තකයේ යැයි එම ලාංඡනවල බලයලත් පරිශීලකයින් පිළිගගනිති.

  2. මෙහි දක්වා ඇති කොන්දේසි වලට අනුකූල නොවන, හෝ බුද්ධිමය දේපළක් හෝ HAC හි වෙනත් අයිතිවාසිකම් උල්ලඝනය කරන හෝ අදාළ නීතිය උල්ලංඝනය කරන ආකාරයේ ලාංඡනය භාවිතා කිරීම්වලට එරෙහිව පියවර ගැනීමේ අයිතිය HAC සංවිධානයට ඇත. ලාංඡනය හා බැඳි සියලු භාවිතයන් හෝ කීර්තිනාමයේ වාසි හා  ප්‍රතිලාභ HAC සංවිධානයට හිමි වියයුතුය.

  3. HAC හලාල් ලාංඡන භාවිතා කිරීම නිෂ්පාදන හිමිකරු සමඟ HAC සංවිධානය වෙතින් වන කිසිදු ආකාරයක අනුමත කිරීමක්, අනුමැතියක්, අනුග්‍රාහකත්වයක් හෝ අනුබද්ධතාවයක් දැක්වීමක් නිර්මාණය නොකරයි.

  4. ලබා දී ඇති සහතිකය ඉල්ලා අස්කර ගැනීම හෝ අත්හිටුවීමකදී, අදාල හලාල් ලාංඡන / සලකුණුවල වැඩිදුර භාවිතය වැළැක්වීමේ අයිතිය HAC සතුව ඇත. එමෙන්ම එම හලාල් ලාංඡන / සලකුණු ඇති සියලුම ද්‍රව්‍ය (මුද්‍රණකරුවන් වෙත හෝ සන්තකයේ ඇති සියලු  ඇසුරුම් ද්‍රව්‍ය) තමන්ට භාර දෙන මෙන් ඉල්ලා සිටීමේ අයිතියද HAC ආයතනයට ඇත.

  5. සහතිකය දරන්නා ඔවුන්ගේ සහතිකය අලුත් කිරීමට නිසි කලට කටයුතු නොකළහොත්, HAC හලාල් ලාංඡනය පරිශ්‍රයේ හෝ නිෂ්පාදිත නිෂ්පාදනවල භාවිතා නොකළ යුතුය.

  6. HAC හලාල් ලාංඡන සපයනු ලබන්නේ කිසිදු ආකාරයක ප්‍රකාශිත හෝ අඟවන ලද වගකීම් දැරීමකින් තොරව සහ හිමිකම් උල්ලංඝනය නොකිරීමේ වගකීම් නොමැතිවහා අසීමිතවය. ලාංඡන භාවිතය හුදෙක්ම භාණ්ඩ නිෂ්පාදකයාගේ / හිමිකරුගේ අවදානම මතම වේ.

  7. HAC හලාල් ලාංඡන HAC ආයතනය විසින් සුදුසු මාධ්‍යයකින් ලබා දී ඇති මුල් පිටපත් හැර වෙනත් මුලාශ්‍රයකින් ප්‍රතිනිෂ්පාදනය නොකළ යුතුය.

  8. HAC හලාල් ලාංඡන තනි හෝ සම්පූර්ණ වර්ණයෙන් ප්‍රති නිෂ්පාදනය කළ යුත්තේ HAC සංවිධානයේ  පූර්ව ලිඛිත අනුමැතිය සහ අවසරය ඇතිව පමණි.

  9. HAC හලාල් ලාංඡනවල ප්‍රමාණය, වර්ණයට අදාළ නියමාවලි HAC වෙතින් ලිඛිතව ඉල්ලා සිටින වලංගු HAC හලාල් අනුකූල සහතිකපත් හිමියන්ට ලබා දෙනු ලැබේ.

  10. පහත සඳහන් කරුණු සමග එකඟ වන්නේ නම්  HAC හලාල් ලාංඡන භාවිතා කිරීමට නිෂ්පාදකට අවසරය ලබා දෙනු ඇත:

    1. අදාල  නිෂ්පාදිතය හලාල් අනුකූල බව HAC විසින් සහතික කර ඇති බව පාරිභෝගිකයින්ට දැනුම් දීම සඳහා පමණක් ලාංඡනය භාවිතා කළ යුතුය.

    2. අදාල නිෂ්පාදනය හලාල් සහතිකය වලංගුව පැවති කාලසීමාව තුල නිෂ්පාදනය කරන ලද බව පැහැදිලිව නිෂ්පාදනයේ ඇසුරුම මත සඳහන් කර තිබිය යුතුය

    3. ලාංඡනය සැමවිටම පහසුවෙන් වෙන් කර හඳුනාගත හැකි අයුරින් තිබිය යුතු අතර වෙනත් චිත්‍ර සමඟ සංයුක්ත නොවිය යුතුය.

    4. ලාංඡනය එහි සමානුපාතිකයන්, අකුරු, සැලසුම, සැකැස්ම, වර්ණ හෝ මූලද්‍රව්‍ය හෝ සජීවිකරණයෙන් හෝ වෙනත් ආකාරයකින් දසුනෙන් හෝ පෙනුමෙන් විකෘති කිරීම ඇතුළුව කිසිදු ආකාරයකින් වෙනස් නොකළ යුතුය.

    5. නිෂ්පාදනයේ හෝ එහි හිමිකරුගේ නම සහ වෙළඳ නාමයට වඩා ලාංඡනය කැපී පෙනෙන ලෙස නොතිබිය යුතුය

    6. HAC ලාංඡනය ධනාත්මක ආකාරයකින් ප්‍රර්ශනය විය යුතු අතර කිසි ලෙසකින් HAC සංවිධානයේ යහනාමයට,  ප්‍රතිරූපයට හානියක්, අවඥාවක් ඇතිවන ආකාරයෙන් නොතිබිය යුතුය.

    7. HAC ලාංඡනය, HAC සංවිධානය විරෝධය දැක්විය හැකි අසභ්‍ය, ප්‍රචණ්ඩකාරී, ඉවසිය නොහැකි, නීරස, අපහාසය ඇති කරන හෝ ලිංගික නැඹුරුතාව ඇති අන්තර්ගතයන් හෝ ද්‍රව්‍ය සමඟ හෝ එයට යාබදව නොතිබිය යුතුය.

    8. අදාල නිෂ්පාදිතය හලාල් අනුකූලතාවයේ HAC ප්‍රමිතීන්ට අනුකූල වන බව සඳහන් කරනු මිස, ලාංඡනය විසින් HAC විසින් අදාල නිෂ්පාදනය මිල දී ගන්නා මෙන් උනන්දු කිරීම, අනුග්‍රාහකත්ව දැක්වීම, අනුබද්ධ කිරීම හෝ නිර්දේශ කිරීම් වැනි  කිසිදු අදහසක් සෘජුව හෝ වක්‍රව නිර්මාණය නොකළ යුතුය.

    9. HAC ආයතනය සරදමට අවඥාවට ලක් කළ හැකි හෝ ආයතනයේ බුදධිමය දේපළ අයිතිවාසිකම් කිසිවක් මෙන්ම අදාල දේශීය හෝ විදේශීය උල්ලංඝනය කළ හැකි හෝ ආයතනයේ යහනාමයට හානි ඇති කළ හැකි හෝ එය පිරිහීමට ලක් කළ හැකි ආකාරයකින් හලාල් ලාංඡනය භාවිත කිරීමෙන් සම්පුර්ණයෙන්ම සහතිකලාභීන් වැළකී සිටිය යුතුය