HAC ගැන

HAC මුලධර්ම

ප්‍රතිපත්ති යනු ක්‍රියාකාරකම්වල ප්‍රධාන පාලනය සහ මෙහෙයුම් අංශවලට අදාළ මාර්ගෝපදේශ ප්‍රතිපත්ති ප්‍රකාශ කිරීමකි. ඒ අනුව, HAC හි මූලික ප්‍රතිපත්ති කිහිපයක් ඇත. ඒවා කළමනාකරණ මණ්ඩලයේ කැපවීමේ පිටසන සහ අනුමැතිය ලබාගෙන ඇති අතර ඒවා වචනවලින් පමණක් නොව හරයෙන්ද ක්‍රියාවට යොදවනු ඇත.

මෙම ප්‍රතිපත්තිවල අන්තර්ගත ප්‍රතිපත්තීන් HAC ආයතනයේ ඉහළම මට්ටමින් ගනු ලබන උපායමාර්ගික තීරණ පාලනය කරනු ඇති අතර ප්‍රතිපත්ති සම්පුර්ණයෙන්ම පෙළගැස්විය යුතු විවිධ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි සහ මාර්ගෝපදේශ වලට අදලා වෙයි.

HAC ආයතනයේ පිහිටුවා ඇති ප්‍රතිපත්ති එහි ක්‍රියාකාරකම්වල විශ්වාසනීය මිනුමක් ලෙස පවතින අතර  ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා වගකිව යුත්තන් පත්කර. සියල්ලටත් වඩා, HAC විසින් අනුගමනය කරනු ලබන ක්‍ෂේත්‍රයේ  හොඳම චර්යා සහ සම්මතයන් සහතික කරන අතර අනුකූලතාවය සඳහා එහි පාර්ශවකරුවන් අතර බැඳියාවක්ද පවතියි.

HAC ආයතනයේ  මුලික ප්‍රතිපත්ති කෙටියෙන් විස්තර කෙරේ.


තත්ව ප්‍රතිපත්ති 

"හලාල් ප්‍රමිති, මාර්ගෝපදේශ, නෛතික නිර්දේශ සහ හලාල් අනුකූලතා සහතික කිරීමේ සේවාවේ ගුණාත්මකභාවය අඛණ්ඩව වැඩිදියුණු කිරීම ඇතුළුව අදාළ වන අනෙකුත් අවශ්‍යතාවලට දැඩි ලෙස අනුකූල වීම තුළින් සේවාදායකයින්ගේ තෘප්තිය සපුරාලීමට HAC කැපවී සිටී."

HAC හි ගුණාත්මකභාවය හා අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා වන කැපවීම පවත්වා ගෙන යනු ලබන්නේ එහි සියලුම සේවකයින්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය හා මැදිහත්වීම මගිනි.


අපක්ෂපාතීත්ව ප්‍රතිපත්ති

සියළුම පාර්ශවකරුවන්ගේ පූර්ණ විශ්වාසය දිනා ගැනීම සඳහා අවශ්‍ය වන හලාල් සහතික කිරීමේ ආයතනයක් වීමට නම් එහි සියලු ක්‍රියාකාරකම්වල අපක්ෂපාතීභාවය තිබීමේ  අවශ්‍යතාවය HAC මනාව වටහා ඇත. විශේෂයෙන් HAC  සහතික දරන්නන් සහ හලාල් අනුකූලතා සහතික කළ නිෂ්පාදන භාවිතා කිරීමට ඇති අවසරය පිළිබඳව දැඩි විශ්වාසයක් තබන පාරිභෝගිකයින්ගේ විශ්වාසය දිනා ගැනීමේ වැදගත්කම අප ආයතනය හොඳින් වටහා ඇත.

හලාල් සහතිකකරණයට අදාළ වගකීම් සහ ක්‍රියාකාරකම් ඉටු කිරීමේදී අපක්ෂපාතීත්වයේ වැදගත්කම මෙන්ම එයට ඇති අභියෝග හා තර්ජන, විභව බැඳියා පිළිගැටුම්, පක්ෂග්‍රාහීත්වය, අසාධාරණ ලෙස සැලකීම ආදිය වළකා ගැනීමේ වැදගත්කමද HAC කළමනාකරණ මණ්ඩලය, සේවකයින් සහ අදාළ පාර්ශ්වයන් ආදි  සියල්ලන්ම මනාව  වටහාගෙන ඇත.

මේ සඳහා වන පටිපාටිය ක්‍රියාත්මක කිරීමත් සමඟ HAC සිය සියලු ක්‍රියාකාරකම්වල අපක්ෂපාතීත්වය පිළිපැදීම හා පවත්වාගෙන යාම HACනිරන්තරයෙන්ම හා අව්‍යාජව ප්‍රර්ශනය කරනු ඇත


තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධති මුලධර්මය

HAC ආයතනය සිය සේවාදායකයින්ගේ මෙන්ම ස්වකීය රහස්  ආරක්ෂා කිරීමට කැපවී සිටින අතර එම තොරතුරු වටිනා ව්‍යාපාරික දේපළ ලෙස සලකයි. එබැවින්, මෙම තොරතුරු හෝ තොරතුරු පද්ධති සොරකම් කිරීම, නැතිවීම, අනිසි ලෙස භාවිතා කිරීම, හානි කිරීම හෝ අපයෝජනය කිරීම සම්බන්ධ අවදානම් අවම කිරීමට HAC තියුණු හා අර්ථවත් පියවර ගනු ඇත.

HAC ආයතනයේ  තොරතුරු ආරක්‍ෂාවේ මුලික අරමුණ පහත පරිදි වේ

  • තොරතුරුවල රහස්‍යභාවය - සංවේදී HAC තොරතුරුවලට ප්‍වේශය ලැබිය හැක්කේ  එවැනි තොරතුරු ලබා ගැනීම අවශ්‍ය වන හා එය සඳහා බලයලත් අයට පමණි.
  • තොරතුරුවල විශ්වාසනීයබව - තොරතුරුවල නිරවද්‍යතාවය, දෝෂ රහිතබවින් සමන්විත වනු ඇති අතර  බැහැර කිරීම් ආදියෙන් තොරව පවතිනු ඇත.
  • තොරතුරු ලබා ගැනීමේ හැකියාව - බලයලත් පරිශීලකයින්ට අවශ්‍ය විටෙක වැදගත් ව්‍යාපාරික තොරතුරු වෙත ප්‍රවේශය තිබෙනු ඇත.

  • ඉහත තොරතුරු ආරක්ෂණ ඉලක්කය සපුරා ගැනීම සඳහා, ISO / IEC 27001: 2013 සමඟ HAC පෙලගැසී තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධතියක් (ISMS) ස්ථාපිත කක්‍රියාත්මක කරයි.

    තොරතුරු උල්ලංඝණ කිරීම් ඕනෑම සැකයක් ඇති වු විට තොරතුරු ආරක්ෂක නිලධාරියා වෙත එය ගැන වහාම වාර්තා කළ යුතුය.