HAC ගැන

ආයතනික ව්‍යුහය සියලුම සාමාජිකයන්ගේ ප්‍රොෆයිල

HAC සමාගම යනු 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ සීමිත වගකීම් සහිත සමාගමක් ලෙස සංස්ථාගත කරන ලද සංවිධානයකි. අන්තර්ජාතික යහපිළිවෙත් සහ සමකාලීන ආයතනික පාලනය මගින් මෙහෙයවනු ලබන වෘත්තීය කළමනාකරණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ඉතා විශිෂ්ට සේවා සැපයීමක් කෙරෙහි HAC අවධානය යොමු කරයි.

HAC ආයතනයේ සාරාංශය

  • සීමාසහිත සමාගමක් ලෙස නිර්මාතෘ සාමාජිකයන් 11 දෙනෙකු විසින් HAC පිහිටුවන ලදී
  • දැනට පූර්ණකාලීන කාර්ය මණ්ඩලය 40 ක පමණ කණ්ඩායමක් එදිනෙදා කටයුතුවල නිරත වෙති.
  • ශ්‍රී ලංකාවේ පිහිටි සමාගම් 230 කට අධික සංඛ්‍යාවක හලාල් සහතික කළ නිෂ්පාදන සඳහා විගණන සිදු කරනු ලැබේ.
  • ජාත්‍යන්තර හලාල් බලධාරීන් සහ අනෙකුත් පිළිගත් සාමාජිකයන් සමඟ HAC සම්බන්ධ වීම නිසා අපගේ සහතිකය ලෝකයේ සෑම රටකම පාහේ පිළිගැනීමට ලක්ව ඇත.
  • රටේ ප්‍රමුඛ වෙළඳ නාම බොහෝමයක් HAC වෙතින් හලාල් සහතිකය ලබා ගනිති.

නිර්මාතෘ සාමාජිකයන්

HAC ආරම්භ කරන ලද්දේ විවිධ පසුබිම් නියෝජනය කරන නිර්මාතෘ සාමාජිකයින් එකොළොස් දෙනෙකු විසිනි. මොවුන්ගේ  පසුබිම්වලට  ශාස්ත්‍රීය, ව්‍යාපාර සහ වෘත්තීය සංවිධාන, වෛද්‍ය විද්‍යා හා තාක්‍ෂණය ආදි විවිද පසුබිම්වලට අයත් වේ. ආරම්භක සාමාජිකයන් ශ්‍රී ලාංකික සමාජයේ මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව තුලද ඉහළ පිළිගැනීමක් ලබා ඇති ප්‍රකට හා දක්ෂ පුද්ගලයින් වෙති.

නිර්මාතෘ සාමාජිකයන් :

  •  Prof. M. H. Rezvi Sheriff
     Prof. of Medicine;  Director of the Postgraduate Institute of Medicine; Founder Chairman, Western Infirmary Hospital, Colombo
  •  Dr. Aboobacker Haroon 
    Bachelor of Medicine; Director of Amana Bank PLC and Amana Takaful PLC, Chairman for Lucky Group of Companies
  •  Mr. M. Mohammed Zuhair
     Lawyer – President’s Counsel, Former Member of Parliament of Sri Lanka (1990-2000)
  •  Mr. A. Fazal Issadeen
     Bachelor of Business Administration (B.B.A.); Managing Director, Datamation Systems (Private) Ltd
  • Mr. M. Muslim Salahudeen
     Chief Executive Officer and Founder of Mushan Holdings and Mushan International
  • Mr. M. H. Mohamed Fazal
     
    Managing Director and Chief Executive Officer, American Premium Water Systems (Pvt) Ltd
  • Mr. R. M. Fouzul Hameed
     Chairman and Managing Director Hameedia Group
  • Mr. M. Rameez Nalir
     Justice of Peace, Proprietor DRESSPOINT; President – Dehiwela Mt’ Lavinia Masjid Federation
  • M. Ali Fatharally
     Management Accountant and Investment Banker; Director – Global commodity Solutions (Pvt) Limited; Director
  • M. H. Mohamed Hisham
     Management Professional, Entrepreneur and Social Activist. Co-founder Tellida (Pvt) Ltd, Sri Lanka
  • Mr. M. A. Ahmed Irfan
     Chief Digital Officer (CDO) at EFL;  Founder – Innovation Quotient (Pvt) Limited; Lecturer Birmingham City University - MBA

කළමනාකරණ මණ්ඩලය

HAC ආයතනයේ  කළමනාකරණ මණ්ඩලය සමන්විත වන්නේ ශාස්ත්‍රීය හා වෘත්තීය සුදුසුකම් ලත්, පළපුරුදු සහ බහු කුසලතා සහිත වෘත්තිකයන්ගෙන් වන අතර, වඩාත් සෘජු හා පුද්ගලික ප්‍රවේශයකින් යුතුව කවුන්සිලයේ මෙහෙයුම් පවත්වාගෙන යාම සහ වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය  ආයතනික පාලන මාර්ගෝපදේශ මෙම මඬුල්ල ලබා දෙයි. කළමනාකරණ මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන් වන්නේ:

  • Mr. Ali Fatharally (Chairman)
  • Mr. T. K. Azoor
  • Mr. M. U. M. Hussain
  • Mr. Aakif Wahab (CEO - HAC)
  • Mr. Annes Junaid
  • Mr. Rizvi Zaheed

අනුකූලතා කමිටුව

අනුකූලතා කමිටුවේ කාර්යභාරය වනුයේ පරිභෝජනය සඳහා සහතික කරන ලද නිෂ්පාදනවලට අවසර දීමට අදාළ සුදුසු ආගමික තීන්දු මත පදනම්ව HAC සහතික කිරීමේ ක්‍රියාවලීන් සඳහා හලාල් ප්‍රමිතීන් සකස් කිරීම සහ අනුමත කිරීමයි. HAC ආයතනයේ  හලාල් ප්‍රමිතීන් සමාලෝචනය කිරීම, අධීක්ෂණය කිරීම සහ අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා විද්‍යාත්මක හා තාක්‍ෂණික පසුබිම්වල වෘත්තිකයන් සමඟ නිතිපතා මුණගැසෙන මෙම කමිටුව ප්‍රකට විද්වතුන්ගෙන් සමන්විත වේ.

අනුකූලතා කමිටුවේ සාමාජිකයන්

  • Ash Sheikh Mufthi K. H. M. A. Mafaz
    Chairman, Compliance Committee
  • Ash Sheikh M. Akram Nooramith
  • Ash Sheikh M. Abdullah
  •  Ash Sheikh Insaf Mashood
  •  Ash Sheikh Mufthi Mohamed Mustafa Raza Mohamed Zaffer

අපක්‍ෂපාතීත්වය ආරක්‍ෂාකිරීම සඳහා වන කමිටුව

මෙම කමිටුවේ ප්‍රධාන කාර්යභාරය වන්නේ වරින් වර HAC සහතික කිරීමේ ක්‍රියාවලියේ ක්‍රියාකාරකම් සමාලෝචනය කිරීම සහ අපක්ෂපාතීභාවයට ඇති තර්ජන වළක්වා ගැනීම සඳහා වෘත්තීය හා ක්‍රමානුකූලව අදාළ කටයුතු සිදු වනු තහවුරු කිරීමය.

සිය සියලු ක්‍රියාකාරකම්වල අපක්ෂපාතීත්වය පිළිපැදීම හා පවත්වාගෙන යාම HAC නිරන්තරයෙන්ම පිළිබිඹු කළ යුතුය.

අපක්ෂපාතීත්වය ආරක්ෂා කිරීම සඳහා වන කමිටුවේ සාමාජිකයන්:

  •  Mr. Fawzan Ahamed
    Chairman, CSI
  • Mr. Risvi A. Majeed
  •  Ash Sheikh Zaid Nooramith
  • Mr. Aakif Wahab
    (CEO - HAC)
  • Mr. Shaheem Sadikeen

පැමිණිලි සහ අභියාචනා කළමනාකරණ කමිටුව

පැමිණිලි සහ අභියාචනා හැසිරවීමේ, විසඳීමේ හා ලේඛනගත කිරීමේ දී වගකීම පැමිණිලි සහ අභියාචනා කළමනාකරණ කමිටුවේ කාර්යභාරයයි. විනිවිදභාවය, කාලානුරූපීභාවය සහ අපක්ෂපාතී බව පිළිබිඹු වන පැමිණිලි සහ අභියාචනා කළමනාකරණ ප්‍රතිපත්තින් මෙම කමිටුව පිළිපදිනු ඇත. පැමිණිලි සහ අභියාචනා යනු පහත කරුණු සඳහා වන මාධ්‍යයක් ලෙස HAC විශ්වාස කරයි

  • සේවාලාභීන්ට ලබා දෙන  සේවාවන්හි අඩුපාඩු හඳුනා ගැනීම සහ ඒ හා සම්බන්ධ අභ්‍යන්තර ක්‍රියාවලියකි
  • පාරිභෝගික තෘප්තියේ මට්ටම මැනීමේ මාධ්‍යයකි
  • අඛණ්ඩ ක්‍රියාවලි වැඩිදියුණු කිරීම සහ පාරිභෝගික තෘප්තිය මට්ටම් කෙරෙහි බලපෑම් කිරීමට අවස්ථාවකි